නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගමෙන් ගෙන්වන කිරිපිටි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන බෙදාහැරීම,විකිණිම, හා එම කිරිපිටිවල කිසිදු රසායන ද්‍රවයක් අඩංගු නොවන බවට ජනතාව නොමග යවන සුළු ප්‍රචාරක දැන්වීම් පළ කිරීම දෙසතියකට වළක්වමින් ගම්පහ අතිරේක දිසා විනිසුරු චතුරිකාද සිල්වා මහත්මිය අද (16) අතුරු තහනමක් පැනවුවාය.
විරෝධතා ඉදිරිපත් කිරීමට ලබන 30 වැනිදා තෙක් කල් දුන්නේය.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වාරණ නියෝගය ඉල්ලා සිටියේය.
නීතීඥ සංගමයේ ලේකම් උපුල් ජයසුරිය,නීතීඥ උපුල් දේශප්‍රිය මහතා ඇතුළු නිතීඥ පිරිසක් මෙම පෙත්සම වෙනුවෙන් පෙනී සිටියහ.
ෆොන්ටෙරා සමාගම හා එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වග උත්තරකරුවෝය.
මෙම වග උත්තර පාර්ශවය විසින් වෙළෙද පොළට නිකුත් කැර ඇති නිෂ්පාදන මගින් ජනතාවගේ සෞඛයට හානි කර තත්ත්වයක් උදා වී ඇතැයිද පෙත්සමේ සඳහන්ය.
රජයේ හෙද නිලධාරී සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය, ලේකම් නාලක හෙට්ටිආරච්චි,භාණ්ඩාගාරික ජේ ඒ ජයසිංහ යන මහත්වරු මෙම පෙත්සමේ පැමිණිළිකරුවෝ වුහ.