ෆොක්ස් හිල් තරගාවලියේදී සියැට් කණ්ඩායමෙන් දස්කම්


මෙවර ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී සුවිශේෂී දක්ෂතා දැක්වීමට සියැට් ධාවක කණ්ඩායම සමත්විය.

එහිදී උපුල්වන් සේරසිංහ සිලින්ඩර් ධාරිතාව 1500 දක්වා මෝටර් රථ තරගයත්, ශශික ලක්මාල් කුඩා 7 සිලින්ඩර් ධාරිතාව 1000 දක්වා මෝටර් රථ තරගයත්, ජැක් ගුණවර්ධන මෝටර් ක්‍රොස් සිලින්ඩර් ධාරිතාව 85 දක්වා යතුරු පැදි තරගයත් ජය ගැනීමට සමත්වූහ.

උපුල්වන් සේරසිංහ සිලින්ඩර් ධාරිතාව 1300 දක්වා මෝටර් රථ තරගයේ සිව්වැනි ස්ථානයත්, සිලින්ඩර් ධාරිතාව 1600 දක්වා මෝටර් රථ තරග වල සිව්වැනි සහ පස්වැනි ස්ථානත් හිමිකර ගත්තේය.

මෙම සියැට් ධාවක කණ්ඩායමට මෝටර් රථ ධාවකයන් වන උපුල්වන් සේරසිංහ, ජානක ඩයස්, ලලිත් කිරින්ද, ශශික ලක්මාල්, චතුර ප‍්‍රියන්කර, දුමින්ද ජයසිංහ, ඉන්දු සමරකෝන්, ප‍්‍රසන්න ද අල්විස්, ජනිත් කුමාරගේ සහ යතුරු පැදි ධාවක ජැක් ගුණවර්ධන යන අය ඇතුළත්වී සිටිති.

(*)