ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය ඔස්සේ දැන හැඳින ගත් තරුණ තරුණියෝ පිරිසක් කුරුණෑගල මලියදේව පිරිමි ළමා නිවාසයේ සිසුන් පිරිසක් වෙනුවෙන් අවුරුදු උත්සවයක් පැවැත්වූහ.
සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා ඇතුළත් මේ උත්සවය සංවිධානය කළ ෆේස්බුක් තරුණ තරුණියෝ බොහෝමයක් එකිනෙකා මුහුණට මුහුණ දැකගත්තේ මේ අවුරුදු උත්සවයේ දී වීම විශේෂත්වයකි.
ෆේස්බුක් සමාජ වෙබ්අඩවිය ඔස්සේ විවිධ පිරිස් අවුරුදු උත්සවය සඳහා විශාල මුදලක් පරිත්‍යාග කර තිබූ අතර ඔවුහු ඒ මුදලින් දරු දැරියනට තෑගිබෝග දුන්හ.
මේ තරුණ කණ්ඩායමේ සිටි ජනක ලක්මාල් පැවසුවේ කුරුණෑගල පාසලක වූ සිද්ධිය නිසා වැඩිහිටි බොහෝ දෙනකු දරුවනට පරිගණක ඇල්ලීම පවා තහනම් කළ යුතුයි යන මතයේ සිටි බවයි. ෆේස්බුක් සම්බන්ධයෙන් ජනතාව අතරේ ඇති වූ වැරදි ආකල්පය නැති කර ගත යුතු බව ද ඔහු කීවේය. අප පරිගණකය අත හැරියොත් ලෝකයෙන් කොන් විය හැකි බව ද ලක්මාල් කීවේය.
‘ෆේස්බුක් මේ රටට එන්න කලින් කොච්චර දිවි නසා ගත්තාද? එහෙමනම් ඒ සිදුවීම නිසා ෆේස්බුක්වලට දොස් පැවරීම වැරදි. මෙයින් බොහෝ හොඳ දේ කළ හැකියි. ‘

