ෆේස්බුක් හැඟීම්වලට ඉඩදෙයි


ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවියේ පළවන විවිධ ඡායාරූප, වීඩියෝ හා අදහස්වලට ප්‍රතිචාර දැක්වීමට අලුත් ක්‍රමයක් අද සිට ක්‍රියාත්මක  කර ඇතැයි ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.

‘ලයික්‘ බොත්තම මගින් මීට පෙර තම මිතුරන්ගේ අදහස් වලට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව සලසා තිබූ අතර ඒවාට අකමැතිනම් ‘ඩිස්ලයික්‘ බොත්තමක් නිර්මාණය කර ඊට අකමැත්ත පළ කිරීමේ ක්‍රමවේදයක් ගෙන ඒමට මුලින් සැලසුම් කර තිබුණද වඩාත් වෙනස් වූ අකාරයට හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා නව ක්‍රමවේදයෙන් අවකාශ සැලසෙන බව සකර්බර්ග් කියයි.

තම කණ්ඩායම සමග බොහෝ කාලයක් ගතකර අලුත් ක්‍රමවේදයක් ඔස්සේ නිවැරදි දෙයක් සැලසුම් කළ බවත් ඔහුගේ අරමුණුවලින් එකක් වූයේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ඉතා සරල ක්‍රමයක් ලබාදීම බවත් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර ඇත.

අලුත් ක්‍රමවේදය මගින් කිසියම් තොරතුරකට කැමැත්ත පළ කිරීමට හෝ ඊට ආදරය, උපහාසය, පුදුමසහගත බව, දොම්නස හෝ තරහව ප්‍රකාශ කිරීමේ අවස්ථාව ෆේස්බුක් පරිශීලකයන්ට හිමිවේ.

fb_20162261

fb_2016226-Variations fb2016226o_480.gif.png