ෆේස්බුක් ලෙඩට බේත් දෙන්න යයි


අන්තර්ජාල සිදුවීම් පිළිබඳ පැමිණිලි දෙසීයක් සැප්තැම්බර් මාසයේදී ලැබී තිබෙන බව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ආරක්ෂක ඉන්ජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

ජනවාරියේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලැබී තිබෙන මුළු පැමිණිලි සංඛ්‍යාව එක්දහස් අටසීයකි.

මේ අතරින් සීයට අසුවක්ම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සම්බන්ධව පැමිණිලි බවත් වාර්තා වෙයි.

ව්‍යාජ ගිණුම් ඉවත් කළ යුතු ආකාරය සම්බන්ධව පැමිණිලිකරුවන් දැනුවත් කරමින් අන්තර්ජාලය ආරක්ෂිතව පරිහරණය කරන අන්දම ගැනත් උපදෙස් ලබා දෙයි. යම්හෙයකින් පැමිණිලිකරුවන්ට නීතිමය ක්‍රියා මාර්ගයකට පිවිසීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධවත් උපදෙස් දෙන බව රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.