ෆේස්බුක් මිතුරෝ ලොකු පින්කමක් කරති


ගම්පහ මිතුරන් පිරිසක් ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ ද ආධාර උපකාර ඇතිව හබරණ  පළුගස්වැව වේරගල ප්‍රාථමික විද්‍යාලයයේ සිසු සිසුවියන්ට නව වසරට   අධ්‍යාපන උපකරන පරිත්‍යාග කළහ.

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සිසුන්  පනස් දෙනකු ඉගෙනුම ලබන මෙම පාසලට ඇත්තේ කුඩා කාමර තුනක් පමණි.  එක් කාමරයක කාර්යාලයය ද අනිත් කාමර දෙකේ පන්ති පහද පැවැත්වේ. ගමේ වැඩිදෙනෙක් වකුගඩු රෝගයෙක් පෙළෙති.

බීමට ජලය ගන්නේ පාර අයිනේ ඇති නල ළිදෙනි. වැසිකිළි පහසුකමක දී විදුහල්පති, ගුරුවරු සහ දරුවනට ද පාරේ නළ ළිඳෙන් වතුර ගෙන ඊට මීටර 100ක් පමණ දුරින් පිහිටි වැසිකිළි වෙත යෑමට සිදු වේ. පාසලේ ගුරුවරුන් සංඛ්‍යාව පහකි. විදුහල්පති මහින්ද සේනානායක මහතාය.

 පාසලට පරිගණකයක් ද, වතුර ෆිල්ටර දෙකක් ද, එළඹෙන වසරට සිසු සිසුවියනට අවශ්‍ය පොත්, පෑන් පැන්සල්, පාට පෙට්ටි, වතුර බෝතල්, බෑග් ආදිය බෙදා දුන් පිරිස එම ගමේම සිටින ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් 15 දෙනකුට ද අවශ්‍ය අධ්‍යාපන උපකරණ පිරි නැමූහ.

ගම්මානයේ අඩු ආදායම්ලාබී පවුල් පහකට වියළි ආහාර දුව්‍ය හා අවශ්‍ය උපකරණ ද පිරිනැමූහ.

ඉන්දික ප්‍රසාද්ගේ අදහසකට අනුව සංවිධානය කළ මෙම වැඩ සටහන පළුගස්වැව වේරගල  විහාරාධිපති මාරඹේ පාලිත හිමියෝ සම්බන්ධීකරණය කළහ.

හොරිවිල වෛද්‍ය ශාන්ත සෙනවිරත්න මහතා ද මේ අවස්ථානට පැමිණ සිටියේය.

(ඡායාරූප වීඩියෝ ශ්‍රීමාල් ප්‍රියංජන සහ කාංචන කුමාර ආරියදාස)

DSC_0901 DSC_0908 DSC_0954 DSC_0974 DSC_0982 DSC_1027 DSC_1038 DSC_1047 DSC_1052 DSC_1089 DSC_1095 DSC06190 DSC06201