බහරෙන්හි රැකියා කරන සුදේෂ් කරුණාතිලක මහතා සහ තවත් ෆේස්බුක් මිතුරු පිරිසක් එක්ව හරකුන්ට අභයදානයදීමේ පිංකමක් 26 වැනිදා සවස 03 ට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී පැවැත්වීමට නියමිතය.
මරණයෙන් මුදා ගන්නා හරකුන් සිවිල් ආරක්ෂක බළකායේ ගොවිපල ට භාර දීමට යයි.
වැලිසර , මාලිගාවත්ත වැනි ප්‍රදේශවල ගව ඝාතකාගාර වලින් මේ හරකුන් මුදාගත් බව කරුණාතිලක මහතා පවසයි.
මේවන විට හරකුන් 30 දෙනකුට පමණ අභයදානය ලබා දී ඇති බවද ඔහු කියයි.
සුදේශ් කරුණාතිලක මහතා