ෆේස්බුක් බවුන්සරයට සංගාගෙන් ෆුල් පහරක්


තමා දේශපාලනයට පිවිසෙන බව සඳහන් කරමින් අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කට කථා සාවද්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර කියයි.

දේශපාලනය සම්බන්ධයෙන් තමාගේ කිසිදු උනන්දුවක් නොමැති බවත්, එම ආරංචි පදනම් විරහිත බවත් දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු සූදානමක් නැති බවත් සංගක්කාර තම නිල ෆේස්බුක් පිටුව ඔස්සේ දන්වා සිටියි.

පසුගිය 20 විස්ස ලෝක කුසලානයෙන් පසු ක්‍රිකට් බලධාරීන්ට ඍජුව චෝදනා කිරීම හා එංගලන්තයේ පැවති කොලින් කවුඩ්‍රි දේශනයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කිරීම හරහා කුමාර් සංගක්කාර දේශපාලනයට පිවිසෙන බවට කට කථා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ආරංචි පැතිර ගියේය.

fb