ෆේස්බුක් චාරිකාවෙදී ඉරිසියාව ඇගට අගුණයි


ෆේස්බුක් පරිහරණය කරන උදවියට ෆේස්බුක්  පරිහරණයේදී යම් ඊර්ෂ්‍යා සහගත සිතිවිල්ලක් ඇති වුවහොත්  එම හේතුව මත  විෂාදය  සෑදීමේ ප්‍රවනතාවයක් තිබෙන බව සිංගප්පුරුවේ  සිදු කළ නවතම පරීක්ෂණයකින්  හෙළිදරව් කර ගත් බව  වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවසීය.

මෙම සමීක්ෂණය  සිදු කර ඇත්තේ  සිංගප්පුරුවේ නැන්යැන්ග් ටෙක්නොලජි විශ්ව විද්‍යාලයයේ  පර්යේෂණ  කණ්ඩායමකි.මෙම පර්යේෂණය සඳහා  ඇමෙරිකාවේ  ශිෂ්‍යයින් හත්සීයක් සහභාගී කරවාගෙන ඇත.