ෆේස් බුක් මිතුරෝ වීදි වැසි දුක දකිති


ෆේස්බුක් සමාජ වෙබ් අඩවියෙන් හඳුනා ගත් මිතුරන් දස දෙනෙක් එකතු වී කොළඹ හා අවට වීදි වැසියන් පනස් දෙනකුට වෙසක් මාසය නිමිත්තෙන් ආහාර හා ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කළහ.

ෆේස්බුක්හි ධනේෂ් මධුරංග   සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහන් දැක මිතුරු මිතුරියෝ දස දෙනෙක් ඊට උදව් උපකාර කළහ.

රත්මලාන, බෙල්ලන්විල, කළුබෝවිල, කොහුවල, නුගේගොඩ, කිරුළපොන, බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය, මහරගම, නුගේගොඩ, රත්මලාන සහ කටුබැද්දේ වීදි ආශිතව ජීවත් වන්නන් පනස් දෙනකු සොයා ගිය ෆේස්බුක් මිතුරෝ ඔවුනට ඇඳුම් හා කෑම පර්සල් බෙදා දුන්හ.