නියඟය නිසා ජලය නැතිව පීඩාවට පත්ව සිටින මැදිරිගිරියේ සහ කැබිතිගොල්ලෑවේ පවුල් කිහිපයකට ෆේස්බුක් මිතුරෝ පිරිසක් එක්ව ජල ටැංකි සහ ජල බෝතල් බෙදා දුන්හ.
දින දෙකක් ඇතුළතට මිතුරන් 35 දෙනකුගේ ආධාර උපකාර ඇතිව ලීටර දහසේ ජල ටැංකි 15ක් සහ විශාල ජල බෝතල 310ක් බෙදා දීමට හැකි වූ බව වැඩසටහනේ සංවිධායක ධනේෂ් මධුරංග එදිරිසූරිය පැවසීය.






