ෆේරියල් අෂ්රොෆ් විශ්‍රාම වැටුප් දෙකම ඉල්ලයි


පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස වසර 10ක් කටයුතු කළ තමාට හිමි විශ්‍රාම වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා ෆේරියල් අශ්රොෆ් මහත්මිය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත.

වැන්දඹු විශ්‍රාම වැටුප් ලැබීම නිසා විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස තමන්ට ලැබිය යුතු විශ්‍රාම වැටුප අහිමි කිරීම අසාධාරණ බවද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක, නියෝජ්‍ය පාර්ලිමේන්තු මහ ලේකම් ආර්.ඒ.රෝහණධීර සහ නීතිපති එයින් වගඋත්තරකරුවන් කර ඇත.

තම සැමියාවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.අෂ්රොෆ් ගේ මරණයෙන් පසු ඔහුට හිමි විශ්‍රාම වැටුප ලැබුණද ඉන්පසු වසර 10ක් තිස්සේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ තමාට හිමිවිය යුතු විශ්‍රාම වැටුප් නොලැබුණු බව කියමින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිපියක් යොමු කළ බවත් වැන්දඹු හෝ මන්ත්‍රීධූරයට හිමි විශ්‍රාම වැටුප් දෙකින් එකක් තෝරාගන්නා ලෙස දැනුම්දුන් බවත් ඇය පෙත්සමින් කියයි. තමා වෙනත් විවාහයක් කර නොගත් බැවින් තමාට විශ්‍රාම වැටුප් දෙකම හිමිවිය යුතු බව අෂ්රොෆ් මහත්මිය පෙන්වා දෙයි.