තමාට හිමි විශ්‍රාම වැටුප ලබා දෙන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆේරියල් අශ්රොෆ් මහත්මිය ගොනු කළ රිට් පෙත්සම සලකා බැලිම ජූලි 18 වැනිදාට කල් තැබීය.
සභාපති විජිත් මලල්ගොඩ සහ එච්.සී.ජේ.මඩවල යන අභියාචනාධිකරණ විනිසුරුවරු නියෝග කළහ.
වසර 10කට අධික කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ තමාට සිය විශ්‍රාම වැටුප අතහැර ස්වාමිපුරුෂයා වු හිටපු අමාත්‍ය ඒ.එච්.එම්.අශ්රොෆ් මහතා මහතා වෙනුවෙන් වන විශ්‍රාම වැටුප පමණක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම් කළ ලිඛිත දැනුම් දුන් බවත්,එහෙයින් තමන්ට ලැබිය යුතු එම විශ්‍රාම වැටුප් දෙකම ලබා දෙන්නැයි අදාළ බලධාරීන්ට නියෝග කරන්නැයි අශ්රොෆ් මහත්මිය සිය පෙත්සමින් කියා සිටි.
පාර්ලිමේන්තු මහ ලේකම්, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ද වගඋත්තරකරුවෝය.

