අද පස්වරු එකයි තිහට පමණ ගෙලිඔය දවුලගල මාර්ගයේ ස්වර්ණාබරණ සාප්පුවක් කොල්ල කා යතුරුපැදි දෙකකින් පළාගිය සිව් දෙනා ෆුල් ෆේස් හෙල්මට් පැළැඳ සිටි බවත්, රන් බඩු සාප්පුව ඉදිරිපිට සිටි පිරිසට ඉවක් බවක් නැකිව වෙඩි තැබූ බවත්, උණ්ඩ අටක් පමණ වැටී ඇති බවත් සිද්ධිය සියැසින් දුටුවෝ කියති.
තුවාල කරුවන් සිව්දෙනාගෙන් කිහිප දෙනකු පේරාදෙණිය රෝහලෙන් මහනුවර රෝහලට මාරු කර යවා ඇත. ඔවුන් කවුදැයි මෙතෙක් සොයාගෙන නැත. බොහෝ විට පාරේ ගිය අය විය හැකි බව පොලිසිය කියයි.
කොල්ලකෑ ස්වර්ණාභරණ ප්‍රමාණය කෙතෙක්දැයි නොදන්නා බව ද පොලිසිය පවසයි.
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප - සුරංග රාජනායක
වීඩියෝ - චමිල් රූපසිංහ





















