ෆීල්ඩ් මාෂල්ට අපලයි


ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ප්‍රධාන සෙබළෙක් අහිමි විය. ඔහුගේ මහ ලේකම් ආනන්ද මානවඩු පක්ෂයෙන් ඉල්ලා අස්විය. නව ලේකම් ලෙස තිසර පෙරේරා නම් කරනු ලැබ සිටී.

ඔහු විශ්‍රාමික පොලිස් නිලධරයෙකි. ඔහුගේ පක්ෂයේ හිටි මන්ත්‍රීවරු, පළාත් මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ගිය මැතිවරණ සමයේ ඉල්ලා අස්වූහ.