මාතලේ මහ රෝහලේ වැසිකිළි උතුරා ෆාමසියට ගලා යාම නිසා අද (28) පෙරවරු 8.30 සිට බෙහෙත් දීම නතර කළ බව රෝහල් ආරංචි කියයි.
මේ ගැන විමසිමට රෝහලට ගිය විට එහි වෛද්‍ය අධිකාරි පැවසුවේ මෙම පුවත පළ කළ හොත් ඔහුට විරුද්ධව නඩු පවරන බවයි. “මේවා සාමන්‍ය යෙන් වෙන දේවල්. පත්තර වලට ලොකු දෙයක් වෙන්න පුළුවන්. මේ ගැන කියන්න මම බැදිලා නැහැ.අවසරයක් නැතිව රෝහලට එන්නත් බැහැ” යනුවෙන් ඔහු මාධ්‍යයට දොස් පැවරීය.
ලෙඩ්ඩු පන්සියයට වැඩි පිරිසක් බෙහෙත් ගැනීමට පැමිණ සිටියහ. රෝහල් සේවකයෝ ෆාමසියේ අප ජලය පිරිසිදු කරමින් සිටිති.


