ෆ්‍රෙඩීගේ පියානෝව කෝටි 71කට වෙන්දේසි වෙයි


(විමුක්ති එස් රුද්‍රිගු)

බ්‍රිතාන්‍යයේ ගායකයෙකු මෙන්ම ගීත රචකයෙකු වන ෆ්‍රෙඩී මර්කරිගේ පියානෝව ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 71 ක් පමණ)ක මුදලකට වෙන්දේසියකදී අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ක්වීනස් නම් රොක් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීත කිහිපයක් නිර්මාණය කිරීම සඳහා  ෆ්‍රෙඩී මර්කරි 1973 යමහා ජී2 වර්ගයට අයත් මෙම පියානෝව භාවිත කර තිබේ.ෆ්‍රෙඩී මර්කරි සතුව තිබූ 1400 පමණ භාණ්ඩ එකතුවක් මෙම වෙන්දේසිය සඳහා තබා ඇති අතර එම එකතුවෙන් භාණ්ඩ 59 ක් වෙන්දේසියේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 15.4 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 497 ක් පමණ)ක මුදලකට අලෙවි වී ඇත.