උත්පලා මධුෂානි දැරියගේ පාදයේ සැත්කම සඳහා අරමුදල් අවශ්‍ය බව ලංකාදීප එසැණ පසුගිය මැයි 12 වැනි දා ‘අගෝස්තුවට පෙර කකුල හදාගන්න උදව් ඉල්ලයි‘ මැයෙන් පළකළ පුවත දුටු ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීප් ජයවර්ධන මහතා, එම කාර්ය මණ්ඩලය සහ එරෙට ශ්‍රී ලාංකිකයෝ ද එම දරියට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වූහ.
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයයේ සංවිධායකත්වයෙන් පැවැති අවුරුදු උත්සවයට එරට ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු පරිත්‍යාග සහ අරමුදල්වල ඉතිරිය එම දැරියගේ පාදයේ සැත්කමට ලබා දුන්හ.
සියලු දෙනාගේ එකඟත්වයෙන් එම මුදල කොන්සල් ජනරාල් ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් සිසුවිය හා පවුලේ අය හමුවී ලබා දෙනු ලැබීය.


