(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි බෙටුල් දිස්ත්‍රික්කයේ අඩි 400 ගැඹුරු ළිඳකට වැටී අඩි 55 ක සීමාවේ සිරවී සිටි තන්මේ සාහු නම් 8 හැවිරිදි දරුවා මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය තහවුරු කළේය.
ඉකුත් 6 වෙනිදා සාහු ළිඳට වැටුණු බව ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබේ. පැය 65 ක මුදවා ගැනීමේ මෙහෙයුමකින් පසු මුදවා ගැනීමේ කණ්ඩායම් සාහු වෙත ළඟා වුවත් ඒ වන විට දරුවා මියගොස් සිටි බවත් සාහුගේ සිරුර රෝහල වෙත රැගෙන ගිය බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

