වැලිවේරියේ රතුපස්වල ළිං වතුර ප්‍රශ්නයට විසඳුම් ඉල්ලමින් දෙදහසක් පමණ වන ගැමියන් හා පොලිසිය අතර ඇතිවූ බහින් බස් වීමෙන් පසුව බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා ඇතුළු නිලධරයන් වේදිකාවට නැග ශබ්ද විකාශන මගින් පිරිස අමතා අවසන් වන විටම හූ හඩ නැගී ආවේය.
ඔවුන් වේදිකාවෙන් නැග රැස්වීම පැවති ස්ථානයෙන් පිටව යන තුරු හූ හඩ නතර වූයේ නැත.
නියෝජ්‍ය පොලිස්පති පැවසූයේ මොරටුවේදී වතුර බෝතල් පහර එල්ල වීමට ඉඩ ඇති නිසා කිසම දේශපාලනඥයකු මේ රැස්වීමට නොපැමිණි බවයි.
එවිට සංවිධායකයකු ප්‍රශ්න කළේ ලිං වතුර අපවිත්‍ර වීමට හේතු වූ බව කියන කම්හල සම්බන්ධයෙන් පොලිසිය ගත් ක්‍රියාමාර්ගය පහදන ලෙසයි.
කුලරත්න මහතා මෙසේ කීවේය.
‘ලිංවලින් වතුර සාම්පල රැගෙන පරීක්ෂණයට යැව්වා. සමාගම සමගත් කතා කළා. අද මෙතන ඉදලා වැඩක් නෑ. හවස් වෙනකම් හිටියත් කිසිම දේශපාලනඥයෙක් එන්නේ නෑ. හෙට (සඳුදා) ගම්පහ දී බැසිල් රාජපක්ෂ ඇමතිතුමා ඒ ගැන සාකච්ඡාවක් පවත්වනවා. ගම නපියෝජනය කරමින් 50 දෙනකුට ඊට සහභාගී විය හැකියි.‘