වැලිවේරිය, රතුපස්වල, නැදුන්ගමුව ඇතුළු ගම්මාන කිහිපයක ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීම සම්බන්ධයෙන් ගම්වැසියන්ෙගේ චෝදනාවට ලක්ව ඇති කර්මාන්ත ශාලාව අසලට රැස්වූ හාර දහසක් පමණ ජනයා මේ සදහා ස්ථිර විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂනය හතරවෙනි දිනය වන අදත් අඛන්ඩව පැවැත්විණි.
කර්මාන්ත ශාලාව ඉදිරිපිටට පෙරේදා සිට රැස්වූ ගම්වාසීන් අද දිනත් එම ස්ථානයේ ආහාර පිසිමින් විරෝධතාවය අඛන්ඩව ගෙන ගිය අතර එම විරෝධාතාවයට අද දහවල් සිට තවත් භික්ෂූන් වහන්සේලාද එක්වූහ.
මහින්ද රාජපක්ෂ ජනපති ඉයේ රාත‍්‍රියේ රතුපස්වල ක‍්‍රීඩාංගනයේ තමන් වහන්සේ මාරාන්තික උපවාසයේ යෙදී සිටියදී දුරකතනයෙන් ඇමතූ බවත් ගම්පහ දිස්ත‍්‍රික් නායක ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග මේ පිළිබදව සාකච්ඡා කොට විසදුමක් ලබා ගන්නා ලෙස ජනපති පැවසූ බවත් උද්ඝෝෂනයට එක්ව සිටින තෙරි පැහැ සිරිධම්ම හිමියෝ ලංකාදීපය කළ විමසීමකදී පැවසූහ.
ජනාදිපතිවරයාගේ දුරකතන ඇමතුමෙන් පසු තමන් වහන්සේ මාරාන්තික උපවාසය අත හැර කර්මාන්ත ශාලාව අසලට පැමිණ උද්ඝෝෂනයෙහි යෙදී සිටින ගම්වැසියන් සමග එක්වූ බවත් තෙරි පැහැ සිරි ධම්ම හිමියෝ පැවසූහ.
අද පෙරවරු එකොලහට පමණ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියෙකු කර්මාන්ත ශාලාව අසලට පැමිණ උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කළ අතර එයද අසාර්ථක විය. පසුව ඉදිරි සාකච්ඡා සඳහා කොළඹට පැමිනෙන ලෙස උද්ඝෝෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ වන විට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සහ පොලිස් කැරලි මර්ධන ඒකකයේ 500ක් පමණ බට පිරිස් කර්මාන්ත ශාලාවට අතුළු වන ගේට්ටුව ඉදිරිපට රඳවා ඇති අතර ගම්වාසීහු කර්මාන්ත ශාලාවට පැමිනෙන සහ පිටවන් දොරටු හරස් කරමින් මහ පාරේ රුදී සිටිති.
මෙම ප‍්‍රදේශයේ දරුවෝ ඊයේ දිනත් පාසල් ගොස් නොතිබූ අතර පාරේ පැදුරු දමා වාඩිවී අපට ජලය ලබා දෙන්න යැයි කියමින් විරෝධතාවට එක්වූහ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඊයේ එම ස්ථානයට පැමිණ ජනතාවගෙන් අධිකරණයට ගොස් කම්හල වසා දැමීමට නියෝගයක් ගැනීම සඳහා පොලිසියට පැමිණිලි ලබා ගත්තද මෙතෙක් ඒ සම්බන්ධයෙන්ද කිසිවක් කර නැතැයිද ගම්වැසියෝ පොලීසිය වෙතද දෝෂාරෝපනය එල්ල කළහ.
ගම්පහ කොට්ඨාස බාර පොලිස් අධිකාරි විජිත කොමසාරු මහතා ඊයේ දිනද කර්මාන්ත ශාලාව අසල රැදී සිටිමින් ජනතාවගේ අවශ්‍යතා පිලිබඳ තොරතුරු රැස් කරමින් සිටී.
කෙසේ වෙතත් ගමිවැසියෝ පවසන්නේ මෙම ප‍්‍රශ්නය සඳහා පැලැස්තර විසදුම් ඉදිරිපත් නොකොට කර්මාන්ත ශාලාව සම්පුර්නයෙන්ම වසා දමා බීමට පිරිසිදු ජලය ලබා දෙන ලෙසත් මෙසේ ජලය අපවිත‍්‍ර වීමට පැහැදිලි හේතුව විනි විද බාවයකින් ජනතාවට දැනුම් දෙන ලෙසය. එතෙක් උපවාසය අඛන්ඩව සිදුකරන බවය.
දින හතරක් තිස්සේ බීමට ජලය ඉල්ලා සාමකාමී උද්ඝෝෂනයක යෙදී සිටින ගම්වැසියන්ගෙන් මෙකෙත් කිසිදු ප‍්‍රචන්ඩ ක‍්‍රියාවක් වාර්ථා නොවූ බව පොලීසිය කියයි.