ළිං වතුර අපිරිසුදුයි


ළිංවතුර අපිරිසුදු කියමින් වැලිවේරියේ ගම් රැසක 3000 දහසක් පමණ පිරිසක් නව කොළඹ - නුවර මාර්ගය අවහිර කරමින් රතුපස්වලදී අද පෙරවරුවේ සිටි උද්ඝෝෂණයක නියැළී සිටිති. නැඳුන්ගමුව, ඌරුවල, සිවුරුලුමුල්ල ඇතුළු ගම්මාන රැසක වැසියන් පවසනුයේ ළිං වතුර පානය කිරීමෙන් උගුර කැසීම, බඩේ දැව්ලද, නෑමෙන් පසු ඇඟ කැසීම ද ඇති වන බවයි.