ළමා සංවර්ධන මධ්‍යස්ථාන නිවාසාන්තර කී‍්‍රඩා උත්සවය ඉරිදා


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන් සංවිධානය කෙරෙන ළමා සංවර්ධන මධ්‍යස්ථාන නේවාසික දරු දැරියන්ගේ නිවාසාන්තර කි‍්‍රඩා උත්සවය 24 වැනි ඉරිදා පෙරවරු 8.30ට නිදහස් චතුරස‍්‍රයේ කී‍්‍රඩා අමාත්‍යංශ පිටියේදී පැවැත්වේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පාලනය කෙරෙන සියලූම මධ්‍යස්ථාන වල දරු දැරියන්ට අමතරව කොළඹ දිස්ති‍්‍රක්කයේ පිහිටි වෙනත් ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව සිටින දරු දැරියන්ද මීටර 50, මීටර 75 සහ මීටර 100 යන තරග වලට ඉදිරිපත් කිරීමට නියමිය.

ජනාධිපති ආර්යා ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මිය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා සහ ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තන් ලෙස සහභාගි වීමට නියමිතය.