ළමා නිවාස දැරිය කුලගෙට


මව්පියන් නොමැතිව පොළොන්නරුව පැරකුම් ළමා නිවාසයේ හැදි වැඩුනු ඉන්ද්‍රානි මධුවන්තිගේ (22)  විවාහ මංගල්‍යය 14 වැනිදා නවනගරයේ දී පැවැත්වුණු අතර විවාහයේ සාක්කිකරුවන් ලෙස ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ පරිවාස හා ළමා ආරක්‍ෂක ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අත්සන් කළහ.

මනාලිය රූපලාවන්‍ය ශිල්පිනියක් වන අතර ඇය වව්නියාව ඉරට්ටපෙරියකුලම ගුවන් හමුදා කඳවුරේ සිවිල් අංශයේ නිලධාරියකු වන ප‍්‍රියන්ත කුමාර (26) සමග විවාහ ගිවිසගත්තාය.

විවාහ මංගල උත්සවය පොළොන්නරුව එක්සත් බෞද්ධ සංගමයේ සභාපති ජයන්ති මහා විහාරාධිපති කදුරුවෙල ධම්මපාල නා හිමියන්ගේ අනුශාසනා පරිදි පැරකුම් ළමා නිවාසයේ කාර්ය මණ්ඩලය මගින් සංවිධානය කර තිබිණි.

සියලූ උත්සව කටයුතු හා සංග‍්‍රහ කටයුතු ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන්, පරිත්‍යාගශිලින් මෙන්ම දානපතීන් අතින් සිදු කැරිණි. උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාද මෙම විවාහ මංගල අවස්ථාවට පැමිණ මනාල යුවලට තෑගි බෝග පිරිනැමීය.

DSC03610 DSC03611 DSC03617 DSC03627 DSC03633