ළමා ආරක්ෂක පත්වීම් ගැන විගණන විමසුමක්


බිඟුන් මේනක ගමගේ 

 

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට සුදුස්සන් තෝරා ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය හා එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයෙන් විගණන විමසුමක් කර ඇත.

එම විමසුමේ පිටපතක් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාට යොමු කිරීමට අමාත්‍යංශය කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විමසුවේ පිටපතක් තමාට ලැබුණු බවත් එය පරීක්ෂාවට ලක් කර කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ඒ ගැන සාකච්ඡා කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

සුදුසුකම්ලාභීන් විසින් කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන්වරයාට, ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ද මේ ගැන පැමිණිලි කරනු ලැබිණි.

කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා  පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා විසින් ඊට අදාළව විමර්ශන දෙකක් ආරම්භ කරනු ලැබිණි.