(බිඟුන් මේනක ගමගේ)
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 2014, 2015, 2016 හා 2017 යන වසර හතරේම වාර්ෂික වාර්තා සකසා නැති බව එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය ‘ලංකාදීපයට‘ පැවසීය.
සිරිවර්ධන මහත්මිය මේ බව පැවැසුවේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ආසන්න වසර පහක වාර්ෂික වාර්තා ඉල්ලා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යොමු කළ තොරතුරු අයැදුමක් සම්බන්ධයෙන් කළ විමසීමේදීය.
පසුගිය 2017 වසරේ වාර්ෂික වාර්තාව සකස් කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් ඊට අවශ්‍ය වාර්තා මේ වනවිට සකස් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසීය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනි මරිනි ද ලිවේරා මහත්මිය හා කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අතර හටගෙන තිබූ විවාදාත්මක තත්ත්වයක් නිසා පසුගිය වසරේදී එහි පරිපාලන කටයුතු අඩාල වූ අතර එහි වෘත්තිය සමිති ජනාධිපතිවරයාට ඒ ගැන ලිඛිතව පැමිණිලි කිරීමට ද කටයුතු කළේය.