ළමා අයිතීන් රකින්න නීතිඥයෝ පෙරමුණට


සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ළමයින් යොදා ගැනීම ගැන යහපාලනය සඳහාවූ නීතිඥවරුන්ගේ සංගමය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියට පැමිණිලි කර ඇත.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නිල ෆේස් බුක් පිටුවේ මහින්ද ජනපතිගේ රුව රැගත් කොඩි ඔසවාගෙන යන ළමුන්ගේ පින්තූර පළ කර ඇතැයිද ඔවුහු කියති.

ළමා අයිතිවාසිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතියටද අත්සන් තබා ඇති ශ්‍රී ලංකාව තුළ මැතිවරණ ප්‍රචාරණයට ළමුන් සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිඥවරු මැතිවරණ කොමසාරිස්වරයාගෙන් හා ළමා රක්ෂණ අධිකාරියෙන් ඉල්ලා ඇත.