හොදට නොසොදා පිසු ආහාර කෑමට ගත් ඉන්දියා පාසල් සිසුහු 22 ක් මරුමුවට පත් වුහ. 25 දෙනෙක් රෝගාතුර වුහ.
බිහාරයේ පැට්නා අග නුවර සිට කිගෝමීටර් 50 ක් දුරින් පිහිටි ගමක දිවා ආහාරය ගැනීමෙන් මේ සිද්ධිය ඇති විය. බත්, පරිප්පු ,සෝයා සහ අර්තාපල් වලින් ඔවුන්ගේ ආහාරය සමන්විත විය. පොස්පේට් නම් කෘමී නාශකය බහුල වශයෙන් මෙම ආහාර වල තිබු බව සොයා ගෙන ඇත. ඉවීමට පෙර සෝයා සහ අර්තාපල් නොසේදීම නිසා මේ තත්ත්වය ඇති වන්නට ඇතැයි කියති.
එම සෝයා සහ අර්තාපල් නොකෑ ළමයින් ලෙඩ වී නැත.
මිය ගිය අය වයස අවුරුදු අටත් එකොළහත් අතර වේ.
දිවා ආහාරය භාරව සිටි නිලධාරියාගේ වැඩ තහනම් කැර පාසලේ ප්‍රධාන ආචාර්යවරයාට එරෙහිව සාපරාධි නොසැලකිල්ල යටතේ නඩු පැවරීමට යයි.
ළමයින් අසනීපත් සමග ප්‍රධාන ආචාර්යවරයා පැන ගිය බවද කියති.