ළමයා හොයන්න රොනී එයි


ගිංතොට දුම්රිය පාලමේ සිය පොත් බෑගය එල්ලා අතුරුදන් වූ රත්ගම සිසුවා සෙවිමට ගිං ගඟේ කිමිදුම්කරුවන් යොදවා ඇති අතර පොලිස් නිල සුනඛ රොනී ද එම ස්ථානයට රැගෙන යන බව පොලිසිය කියයි. සිසුවා බෑගය ගඟට ඉහළින් එල්ලා ගඟට පැන්නා ද නැතිනම් වෙනත් දෙසකට ගියා ද යන්න රොනීට සොයගත හැකිවෙතැයි පොලිසිය කියයි.