සවස් වන තුරු පාසලේ රඳවාගත් තම දරුවා වැස්සට තෙමුණු බව සඳහන් කරමින් කැකිරාව ප්‍රාදේශිය සභාවේ උප සභාපති සම්පත් හේරත් කැකිරාව තිබ්බටුවැව විදුහල්පති ලලිත් මධුෂංක ජයසිරිපුර මහතාට පහරදුන්නැයි අත්ඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ අතර මෙම පහරදීමට විරෝධය දක්වමින් පාසල් 13 ක ගුරුවරුන් විදුහලේ ගුරුවරුන් සමඟ එක් වී සිටිති.
උප සභාපති අද(14) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.විදුහල්පති රෝහල්ගත වී සිටී.





