ළඳක වෙස්වලාගෙන මල් පෝච්චි හොරකමේ


හිස ආවරණය කරගනිමින් මුහුණේ සායම්ද තවරාගත් කාන්තාවක් (33) රාත්‍රී කාලයේ නිවෙස්වල මල් පෝච්චි සොරකම් කරමින් යද්දී මහනුවර, දවුලගල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පාර්සලයක් හා පොහොර මල්ලක් අතැතිව සිටි එම කාන්තාව බූවැලිකඩ පොල්වත්තතැන්න ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලදාරින්ගේ යතුරු පැදියේ ආලෝකයට සැඟවීමට උත්සාහගත් අවස්ථාවේදී ඇය හඳුනාගැනීමට පොලිස් නිලධාරිනියක් රැගෙන විත් සෝදිසි කොට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

විවාහක කතක් වන ඇයගේ සැමියාද රැකියාවක් කරන අතර ඇය අත හා අසල තිබූ මලුවල නිවෙස්වලින් සොරකම් කළ මල් බඳුන් 10 ක් තිබූ බවත් ඇය මෙවැනි සොරකමක් සිදු කරන්නේ ඇයිදැයි පොලිසියටද ගැටළුවක්වී ඇතැයි කියති.

CIMG2567 CIMG2568 CIMG2569