2004 බීඑල් 86 ලෙස ඇමෙරිකාවේ ජාතික ගගණ හා අජටාකාශ ආයතනයෙන් (නාසා) නම් කළ විශාල ග්‍රහවස්තුවක් (ඇස්ට්‍රොයිඩයක්) අද රාත්‍රී 9.40 ට (ග්‍රිනිච් වේලාවෙන් සවස 4.20ට) පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන්කරන බව නාසා ආයතනය පවසයි.
දුරේක්ෂයක් මගින් එය පහසුවෙන් නැරඹීය හැකි බවද කියති. මේ ග්‍රහ වස්තුව වටා චන්ද්‍රයකු ද ඇති බව තහවුරු කැරගෙන තිබේ. අඩි 980 ක විශ්කම්භයක් ඇති ඇස්ටරොයිඩය ඇමෙරිකාවට, යුරෝපයට හා අප්‍රිකාවට දර්ශනය වනු ඇති බව ද නාසා ආයතනයේ අදහසයි.
නාසා ආයතනය පවසන්නේ 2027 දක්වා දර්ශනය වන විශාලතම ඇස්ටරොයිඩය මෙය බවයි. එය අද ගමන් කරන්නේ පෘථිවියේ සිට සඳට ඇති දුර මෙන් කිලෝ මීටර් ලක්ෂ 12 ගුණයක් ඈතිනි. මෙවැනි දුරකින් ඇදීයන බැවින් එම ග්‍රහවස්තුවෙන් පෘථිවියට බලපෑමක් නැත. මේ ඇස්ටරොයිඩය හඳුනාගත්තේ 2004 වර්ෂයේ ජනවාරි මාසයේ දී මෙක්සිකෝවේ නියර් අර්ත් නම් ඇස්ටරොයිඩ පර්යේෂණ ආයතනයකිනි.

