හෝමාගමටත් උඩින් කෑලි වැටේ


හෝමාගම දියගම පුවක්ගහවිල මාර්ගයට උල්කාෂ්මයක් බවට සැකකරන ඝන වස්තු දෙකක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති. එම කැබලි වැටුණු ස්ථානය අඟල්  නවයක් අඩියක් පමණ තරමට වළවල් දෙකක් හැරී ඇත.කළු පාටින් යුත් මෙම වස්තුවට තට්ටුකරද්දී තහඩුවකට ගසන විට ඇතිවන හඩක් ඇති වන බව ද ඔවුහු පවසති. මෙම වස්තු දෙක ඉන් ඉවත් කර  ආරක්ෂිතව තැබූ බවත් මේ සම්බන්ධයෙන්  තාරකා විශේෂඥ අංශයට දැන් වූ බව ද කියයි.

(පහත ඡායාරූපවල පැරණි දින සටහන් වී ඇත්තේ කැමරාවේ තාක්ෂණික දෝෂායක් හේතුවෙනි. )