හෝමාගම හිමිවරු සිව්දෙනා රිමාන්ඩ්


පසුගිය ජනවාරි 26 වැනිදා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුණු බව කියන රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සහ   සිහළ රාවය සංවිධානයේ අක්මීමන දයාරතන හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙනකු  අඟහරුවාදා (15) දක්වා රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.