හංවැල්ලේ අඹුල්ගම සියරට හෝටල හිමියාට පක්ෂව ඉඩම් නඩුවක තීන්දුවක් දීම සඳහා 2013 දී රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් වික්‍රම අබේසිංහ හා ඔහුගේ ආරක්ෂකයා වූ කොස්තාපල් මහින්ද කිත්සිරිට එරෙහි නඩුව ලබන පෙබරවාරි 15 වැනි දා විභාගයට ගන්නා බව මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද ප්‍රකාශ කළේය.
දීපිකා ශ්‍යාමලී ජයවීරගේ පැමිණිල්ල අනුව නීතිපති මෙම නඩුව පවරා ඇත.
සුනිල් වික්‍රමසිංහලේ රියදුරාද වන කොස්තාපල් කිත්සිරි අල්ලස් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිසම අධිකරණයට දැන්වීය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවෝ 19 දෙනෙක් සාක්කියට කැඳැවෙති. නඩු භාණ්ඩ ගණන 16කි.

