
(කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණයේ මාළු වෙළඳසලක හිමිකරු කොවිඩ්-19 ආසාදිතයකු අනාවරණය වීමෙන් එම වෙළඳසළ වසාදැමීමට අද (23) සිට පියවර ගත් බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි.
වෙළඳසැල් හිමිකරුගේ පවුලේ අය සහ වෙළඳසල් සේවකයින් 10 දෙනෙකු ස්වයං නිරෝධායනට ලක් කර ඇතැයි විජේසූරිය මහතා කීය.
එම මාළු වෙළඳසල් හිමිකරු පෞද්ගලිකව කර ගත් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයකු ලෙස තහවුරු වී තිබුණු අතර ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් කොස්ගොඩ ප්‍රදේශයේ රෝහලක් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද ඒ මහතා පැවසීය.
තවද ප්‍රදේශයේ මාළු වෙළෙන්දන් සියලු දෙනාම අදාල කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

