හෝමාගම භික්ෂු කලහය : රනිල් වාර්තාවක් ඉල්ලයි


‘මේ ආණ්ඩුව බුද්ධ රක්ඛිතලා, සෝමාරාමලා ඇති කරන්නට ඉඩ දෙන්නේ නෑ. සිවුරු පොරවා ගත් පිරිසක් අද හෝමාගම උසාවි භූමියේ කළහ කළා. ඔවුන් සැබෑ භික්ෂූන්දැයි සොයා බැලිය යුතුයි. ‘  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළේය.

‘‘ගලගොඩඅත්තේ ඥානසාර හිමි උසාවියට අපහාස කළැයි කියන සිද්ධියක් මත අද රිමාන්ඩ් බාරයට පත් කළා. ඉන් පසුව උසාවිය අසල චීවර ධාරීන් පිරිසක් උසාවි භූමියට ඇතුළු වී කළබල කළා. එම සිද්ධිය ගැන වාර්තාවක් ලබා දෙන ලෙස පොලිසියට උපදෙස් දුන්නා. වාර්තා වැලුභු පසු එය මල්වතු මහා නාහිමියන් හා කෝටටේ මහා නාහිමියන්ට ලබා දෙනවා. 

නීතිය කාටත් එකයි.  මේවා දකිද්දි බෞද්ධයන් ලෙස අපට ලැජ්ජයි. විනය පිටකයක් තිබෙනවා. ඒ අනුව භික්ෂූන් කටයුතු කළ යුතුයි. නීතිය රැකිය යුතුයි.‘‘