හෝමාගම ප්‍රාදේශිය සභාපති ඒ ඩී කුමාරසිංහ මහතාට පුටුවකින් පහර දුන් බව කියන පොල්ගස්ඕවිට වෑතර රවිදු අජිත් අරුණ කුමාර ලබන 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
හෝමාගම ප්‍රාදේශිය සභාවේ කළබලයක් මැද්දේ සභාවෙන් පිටව යද්දි ගැලරියේ සිටි අරුණ කුමාර සභාපතිවරයාට පහරද දී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.

