හෝමාගම උසාවිය ළඟ කලබල කළ අය අල්ලයි ?


බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ අඟහරුවාදා (26) හෝමාගම මහේස්ත්‍රාත්  උසාවිය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණු පිරිස් අත් අඩංගුවට ගෙන ලබන 9 වැනි දා  අධිකරණයට ඉදිරිපත් කිරීමට හෝමාගම පොලිසිය සැරසෙයි.‍

අධිකරණයට අපහාස කිරීම, රජයේ නිළධාරීන්ට තර්ජනය කිරීම, රජයේ දේපළවලට හානි කිරීම, අයුතු ජන රාශිය, පොලිස් නිළධාරීන්ට පහර දීම, අධිකරණයේ නඩු භාණ්ඩ රැගෙන යාම ඇතුළු චෝදනා එකොළහක් පමණ මෙම පිරිසට ඇති බවත් එම කළහකාරීන් කවුරුන්ද යන වල වීඩියෝ දර්ශන සහ ඡායාරූප ඇසුරෙන් සෙවීම උසාවි නියෝගය මත මේ වන විට ආරම්භ කර ඇති බවත් හෝමාගම පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය

ඔවුන්ගේ  විස්තර සොයා බලා අධිකරණයට වාර්තා කරන බවද එම ප‍්‍රකාශකයා කීවේය.