හෝමාගම ප්‍රාදේශිය සභාවේ වැඩ බැලු සභාපති හා උප සභාපති ඉන්දික කෝරලගේ ලෙනගල පොසොන් බත් දන්සලට මහ රෑ කඩා පැන සංවිධායකයකු වු ලලිත් කුමාර මහතා (45) ක්‍රිඩා පිටියකට රැගෙන ගොස් දණ ගස්වා ටී පනස්හය අවියකින් පහර දී ඇතැයි අතුරුගිරිය පොලීසියට පැමිණිලි කැර ඇත.
පහර කෑමට ලක් වු ලලිත් කුමාර මහතා හෝමාගම රෝහලට ඇතුළු කරනු ලැබ සිටි.
පසු ගිය 13 වැනිදා හෝමාගම ලෙනගල දන්සලකට පසු පස දොරෙන් ඇතුළු වන්නට ආ උප සභාපතිගේ පුතා හා තවත් අයකුට අනෙක් දොරටුවෙන් එන්නැයි කී බවත් එහෙත් ඔහු හා ඔහුගේ සගයා එම දොරටුවෙන්ම දන්සලට අතුළු වී බත් කා බත් පාර්සල් කිහිපයක් ද රැගෙන ගිය බවත් ලලිත් කුමාර මහතා පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
එම සිද්ධියෙන් පැය කිහිපයකට ටී පනස් හය ගිනි අවියක් ද අතැතිව තවත් කිහිප දෙනකු සමඟ එහි ආ උප සභාපති තමා පුස්තකාලය අසල ක්‍රිඩාංගණයට රැගෙන ගොස් දණ ගස්වා පහර දුන් බව ලලිත් කුමාර මහතා පොලීසියට කියා ඇත.
අතුරුගිරිය පොලීසිය පවසනුයේ උප සභාපති සොයා දෙවරක්ම ඔහුගේ නිවසට ගිය නමුත් ඔහු සොයා ගැනීමට නොහැකි වු බවයි.

