හෝමාගම ආරක්ෂාව අදත් වැඩි කරයි


ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ භූමියේ දී තර්ජනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද යළි අධිරණයට ගෙන ඒමට නියමිත අතර හෝමාගම උසාවිය අවට දැඩි රැකවල් දා තිබේ.

උසාවියට පැමිණෙන පිරිස් සීමා කර ඇත.

උසාවියට ඇතුළු වෙන්නන් මීටර පනහක පමණ දුර සිට පරීක්ෂා කරයි.

හිමිවරුන් 30ක් පමණ අධිකරණයට යෑමට පැමිණි අතර කිහිප දෙනකු පමණක් උසාවියට යෑමට අවසර ලැබීමෙන් පසු හිමිවරුන් පොලිසිය අතර වචන හුවමාරුවක් ද සිදුවිය.

7b81ef81c8d20ceb9441431ad6ddd84e3ab1ab3600037e94477001d43876dc56 105c4644a34356d23724b3aa156ea1ee1300a122e90a10a51ea00b36da4d6917 827b3b173ea9d7964355602981dbcec219aa97e43d9c3f1d13686cb2b15dce00 c96638b990db1bf6a28b706754bb970862d8cf5b8ffe44d4152c965b02e7317b