මහරගම හෝටලයක් හිම් කතකගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
විදේශ ගමන් බලපත්‍රය උසාවි භාරයට ගත් අතර සාක්කිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බවද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. ඇපකරුවන් දෙදෙනා ළගම ඥාතීන් විය යුතු බවටද නියමයක් පැනවිණි.
පළමුවැනි සැකකරු පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.