හෝටල් සේවකයෝ විරෝධය දක්වති


(යොහාන් භාසුර)

ජනතාව පීඩනයට පත්කරන ජල - විදුලි ගාස්තු ඉහළ දැමීමට සහ අසාධාරණ බදුවලට විරෝධය දක්වමින් හෝටල් සේවක මධ්‍යස්ථානය කොල්ලුපිටිය සංචාරක මණ්ඩලය ඉදිරිපිටදී අද (1) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.

ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් රටටත්, සංචාරක ක්ෂේත්‍රයටත්, එහි සේවකයන්ටත් සිදුව ඇති හානිය සහ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ටත් විරෝධය දක්වන පාඨ ඇතුළත් පුවරු ගෙන හෝටල් සේවක සේවිකාවෝ එහිදී විරෝධයේ නිතරව සිටියහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)