හෝටල් වැසිකිළියේ බුදු පිළිම


ඉඳුරුවේ විදේශිකයකුගේ පාලනය ඇති හෝටලක වැසිකිළියේ හා නාන තටාකය අසළ තබා තිබූ බුදුපිළිම හා දේව පිළිම කිහිපයක් කොස්ගොඩ පොලීසියේ නිලධරයන් අද සවස පොලීසියට රැගෙන ආවේය.

බුදු පිළිම ඇති බවට ලැබුණු තොරතුරක් මත මහා සංඝරත්නය එහි වැඩම කිරීමත් සමග කලබලයක් ද ඇතිවිය. පොලීසිය පැමිණියේ ඒ අවස්ථාවේදීය.