හෝටලයේ මැස්සන් නැති රහස හෙළි වේ


බණ්ඩාරගම නගරයේ අවන් හලක කෑම බහාලන වීදුරු අල්මාරිය මැස්සන් හා කූඹීන් ඇතුළු කෘමීන්ගෙන් මුදා ගැනීම සඳහා කෘමිනාශක ගැසු බව කියන සේවකයකු  සැකපිට අත්අඩංගුවට ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

බේකරි නිෂ්පාදන  එහි තබන්ට පෙර  කෘමි නාශක ස්ප්‍රේ  කිරීමෙන් පසු ගඳක් දැනුණු බවත් පසුව එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැන්වු බවත් දැන ගන්නට ඇත.

හෝටලයේ තිබු සියලුම කෑම ඉවත දමන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නියෝග කළේය.