අනුරාධපුර හෝටල හිමියකුගෙන් පහර කෑ පාරිභෝගික අධිකාරියේ නිලධරයෝ දෙදෙනෙක් අනුරාධපුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති. අනුරාධපුර සිංහ කණුව අසල හෝටලයක කල් ඉකුත් වූ බීම බෝතලයක් වැඩි මිලට විකිණීම ගැන සොයන්නට ගිය අවස්ථාවේ පහර කෑමට ලක් වූ බව කියනුයේ අනුරාධපුර ස්ථාන භාර නිලධාරී සමින්ද පී පෙරේරා සහ විමර්ශන නිලධාරී ප්‍රදීප් ලියනගේ යන දෙදෙනායි.

