ස්කාර්ලට් ජොන්සන් නැවතත් හොලිවුඩය දෙවනත් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ඇය රංගනයෙන් දායක වීමට නියමිත චිත්‍රපටයක ප්‍රචාරක පටය නිකුත් වීමත් සමගිනි. %Ghost in the Shell^ ලෙස හඳුන්වන මෙම චිත්‍රපටය 2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිතව තිබේ. සම්පූර්ණ වශයෙන් ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ නිර්මාණය වන මෙම චිත්‍රපටය තුළ ස්කාර්ලට්ගේ චරිතය පිළිබඳව බොහෝදෙනා කතාකිරීමට පෙළෙඹෙන්නේ එහි ඇය රොබෝවරියක් ලෙස රංගනයෙන් දායක වීම නිසාවෙනි.
1989 වර්ෂයේදී මුද්‍රණය කළ "Ghost in the Shell" නම් කොමික් පොත ඇසුරෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන බවද සඳහන් වෙයි. මෙය රූපර්ට් සැන්ඩ්‍රස් අධ්‍යක්ෂණය කරන අතර, පැරමවුන්ට් පික්චර්ස් ඇතුළු තවත් නිෂ්පාදන ආයතන 04ක් මෙහි නිෂ්පාදන කටයුතු සඳහා දායක වන බව සඳහන් වෙයි.