හොරොව්පොතාන වාගොල්ලාකඩ ගව හිමියෙකුගේ මි ගවයන් 70 දෙනකු කිසියම් පිරිසක් සොරා ගෙන ගොස් ඇති බව හොරොව්පොතාන පොසිය කියයි.
මෙම ගව හිමියා විසින් තණ කැම සදහා මෙම මි ගවයන් වාගොල්ලාකඩ වැව් පිටියට මුදාහැරි අවස්ථාවේදි කණ්ඩායමක් පැමිණ ගවයන් රොටවැව ප්‍රදේශයට දක්කා ගෙන ගොස් ඇති බව පොලිසිය වෙත තොරතුරු ලැබි තිබේ.
සොරාගත් මි ගවයන් අතර ගැබ්බර මි දෙනුන් විසි දෙකක්,කිරි ලබාගන්නා මි දෙනුන් සහ කුඩා පැටවුන්ද සිටින බව පොලිසිය කියයි.
සොරාගත් මෙම මි ගවයන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ හැත්තැවක් පමන වෙතැයි ගව හිමියා විසින් කළ පැමිණිල්ලේ සදහන්වේ.