හොරේ අහුවී යුදෙව්වා පිටුවහල් කරයි


ඉරාන හා ඊශ්‍රායල් විදේශ ගමන් බලපත් දෙකක් ළඟ තිබූ ඉරාන  ජාතිකයකු අද (20) අලුයම ඔහු පැමිණි මුම්බායි නුවරටම පිටුවහල් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ලක්ෂාන් ද සොයිසා මහතා කියයි.

මුම්බායි සිට කටුනායකට ඔහු ආ ඉරාන විදේශ බලපත්‍රය ව්‍යාජ බවත් ඊශ්‍රායල් ගුවන් බලපත්‍රයක්ද ඔහුගේ මල්ලේ තිබූ බවත් එහි ඔහුගේ නම නොතිබූ බවත් ආගමන විගමන නිලධරයෝ කියති. ඉන්දියාවට ඒමටත් ඉන්දියාවෙන් පිටවීමටත් ඉරාන බලපත්‍රය යොදාගත් මෙම පුද්ගලයා ඊශ්‍රායල බලපත්‍රයෙන් යුරෝපයට ඇතුළු වීමට ගත් උත්සාහය කටුනායකදී වැළකී ගිය බවත් එම නිලධරයෝ කියති.

ආගමන විගමන පාලක  නිහාල් රණසිංහ  මහතාගේ උපදෙස් පිට ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරීන් වන කේ.ජයරත්නම් සහ ආර්. සරවණ කුමාර සහ බලයලත් නිලධාරී  සුරංජි අල්ගම යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.