හොරෙන් සිටි ශ්‍රී ලාංකිකයාත් රැඳුවුම් කඳවුරට


එංගලන්තයේ සෑන්ඩ්හර්ස්ට්හි කඩ දෙකක් වැටලූ ආගමන නිලධරයෝ එහි අනවසරයෙන් රැකියා කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙක් හා පකිස්තාන ජාතිකයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරු වලට යවනු ලැබූහ.

ඔවුන් පිටුවහල් කිරීමේ ප්‍රථම පියවර එසේ රැඳවුම් කඳවුරුවල රඳවා තැබීමයි.

25 හැවිරිදි ශ්‍රී ලාංකිකයා ද වීසා අවසන්වීමෙන් පසුව නීති විරෝධී ලෙස රැඳී සිටි බව නිලධරයෝ කියති.

මෙම සාප්පු හිමියන් එක් සේවකයකු වෙනුවෙන් පවුම් දස දහසකට (රුපියල් 2200000) යටත් කළ හැකියි.